කුණු ප්‍රශ්නය දිග්ගැසීමෙන් විදේශ ඇමතිත් කට අරී


රංජන් කස්තුරි
 
මේ දිනවල කොළඹ තැන් තැන්වල ගොඩ ගැසී තිබෙන කුණු කසල දින හතරක් ඇතුළත ත්‍රිවිධ හමුදාව යොදවා හෝ ඉවත් කිරීමට වගකිවයුතු අංශ පියවර ගත යුතු යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
 
බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයා සහ අමාත්‍යංශ අතර පවතින පරස්පරතාවන් හේතුවෙන් ජනතාවට පීඩාවක් විඳීමට ඉඩ නොතැබිය යුතු බව ද ඇමැතිවරයා පැවසීය.
 
කුණු ප්‍රශ්නය ගැන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට කරුණු පෙන්වා දී තිබෙන බව ද ඔහු කීවේය.