කුණුගොඩක් නිසා පාසලක් වැසීමට සිදුවීම බරපතල තත්ත්වයක් බවත්, වසර ගණනාවක් තිස්සේ පැවැති අර්බුදය විසඳීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවත්ලංකා ගුරු සංගමය කියයි.
එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ කුණු ගොඩ ඉවත් කරනවා වෙනුවට පාසලක් වැසීමට කටයුතු කරීමෙන් සිසුන් මෙන්ම ගුරුවරුට දැඩි අසීරුතාවන්ට පත් වන බවයි.
පාසල වසා සිසුන් ඉවත් කිරිමෙන් පාසල් ළමයින් සහ ගුරුවරුන් පත්වන පීඩාවට තාවකාලික විසඳුමක් ලැබෙන බව බලධාරීන් සිතානම් අවට සිටින ගැමියන්ට දෙන විසඳුම කිමෙක්දැයි ස්ටාලින් මහතා ප්‍රශ්න කරයි.
දේශපාලන අතපෙවීම්වලින් මිදී සැබෑ තත්ත්වය වටහාගෙන ස්ථිර නිසි විසඳුමක් ලබා දෙන ලෙස ලංකා ගුරු සංගමය බලධාරීන්ගෙන් ඉල්ලයි.
කොළඹ නගර සභාව කොලොන්නාව මීතොටමුල්ලේ පොතුවිල කුඹුරේ කුණු ගොඩ ගසනුයේ දස වසරක් තිස්සේය. ගමේ පන්දහසක් පමණ ජනයාගේ ජීවිත ඉන් අනතුරට හෙළා ඇත.


