කුඩුකරුවෝ 19000 ක් කොටු වෙති


සංචාරකයන්ගේ ඉහළ යෑමත් සමග ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තෝතැන්නක් බවට පත්ව ඇති බව පොලිස් වාර්තා පෙන්වයි. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කරන ආකාරයට මෙම වසරේ ජුනි මාසය වන විට ආවාරම්කරුවන් දහ නවදහසකට අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත. සංචාරකයන්ගේ අවශ්‍යතාව මත හා වෙනත් රටවල නියෝජිතයන් සමග හුවමාරු කරගැනීමට මත්ද්‍රව්‍ය මෙරටට ගෙනෙන බව හෙළිව ඇති අතර ඒවා අතර හෙරොයින්, කොකේන් හා හරීශ් ප‍්‍රධාන වේ.