මිනුවන්ගොඩ කුඩු පාරාදීසයක්. පොලිසියට කීවත් වැඩක් නැහැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ කීවේය.
‘හැමදාම කුඩු ගැන කතා කරනකොට මිනිස්සු ඇඟිල්ල දික් කළේ දේශපාලනඥයින්ට. නමුත් මම ජනතාව වෙනුවෙන් නිර්භයව පෙනී සිට කතා කළත් අපිට අපේ ප්‍රදේශයේවත් ඒ තත්ත්වය නැති කර ගන්න බැරි වෙලා තියෙනවා.
මිනුවන්ගොඩ අහිංසක අම්මලා තාත්තලා මත්කුඩු නිසා විඳින දුක ගැන හිතලා වහාම ක්‍රියාත්මක වෙන්න කියා මම ආරක්ෂක ලේකම්තුමාගෙන් ඉල්ලා සිටිනවා.‘