කුඩු නඩුවේ සුද්දෝ යළි රිමාන්ඞ්


කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී සඟරා තොගයක් අස්සේ තිබූ හෂීස් මත්කුඩු රැගෙන යාමට ආ බි‍්‍රතාන්‍ය ජාතිකයෝ දෙදෙනා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් යළි ලබන 28 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ. ඇන්ජලා සෙනෙවිරත්න නිළිය කලක් ජීවත්ව සිටි නිවසේ ලිපිනයට මේ කුඩු එවා ඇත්තේ ඉන්දියාවෙනි. බ‍්‍රටන් සාවුල් පිලික්ස් හා ජොෂ්කර් විල්ටන් නම් මේ සැකකරුවන් දෙදෙනාට ඇප ඉල්ලූ විට මහේස්ත‍්‍රාත්වරයා පැවසූයේ ඒ සඳහා මහාධිකරණයට අයැදුම්කරන ලෙසයි.