කුඩු නඩුවට ගොස් නීතීඥවරියගේ හලෝව උස්සලා


හෙරොයින් මත්කුඩු නඩුවකට නීතීඥ සහාය සොයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාවියට ගොස් නීතීඥවරියකගේ දුරකතනය සොරා ගත් බව කියන පුද්ගලයෙක් මිනිත්තු දහයකදී අත්අඩංගුවට ගත් බව මරදාන පොලීසිය කියයි.

අත්අඩංගුවට ගන්නා විට ඔහු සිම්පත ඉවත් කැර තිබිණි.