(මනෝප්‍රිය ගුණසේකර)
‘මීනී මැරුම’ ලොකුම වරද වශයෙන් නීතී පොතේ සඳහන්ව තිබුණත් මිනීමැරම් සිද්ධියකදී එක් පුද්ගලයකු හෝ දෙදෙනෙකු මරණයට පත් වුවත් හෙරොයින් ජාවාරම හේතූවෙන් පවුල් පිටින් විනාශයට පත්වන හෙයින් කුඩු ජාවාරම්කරුවකුට උපරීම දඬුවම් නියම කළ යුතු බව කුඩු ජාවාරම්කිරීමේ චෝදනාවට වරදකරු වු ‘කුඩු තිලාන්’ නමැත්තාට මරණ දඬුවම නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (18) පැවසීය.
කුඩු ජාවාරම නිසා ලංකාවේ පවුල් දස දහස් ගණනක් මේ වන විටත් විනාශ වී ඇති බවත් මත්ලෝලීන් මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් වශයෙන් සිටින ලක්‍ෂ ගණනක් අනාථ වී ඇති හෙයින් මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් හා ඊට සම්බන්ධවීමේ අදහසින් සිටින පුද්ගලයින් භීතීයට පත්වන අන්දමින් මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය හෙරොයින් ව්‍යසනයෙන් රට බේරා ගැනීමේ වගකීමක් අධිකරණයටද ඇති බව පෙන්වා දුන්නාය.
මීට වසර 06 කට ඉහතදී කුඩු ග්රෑම් 300 කට අධික ප්‍රමාණයක් ලඟ තබාගෙන ජාවාරම් කරමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද දේවගේ තුසිත චාමර හෙවත් කුඩු තිලාන් නමැත්තා කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම විය.
2014 ජුනි මස 20 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බත්තරමුල්ලේදී හෙරොයින් ග්රෑම් 274.68 ක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග මහතාට ලැබුණු තොරතුරකට අනුව කුඩු තිලාන් නමැත්තා පදිංචිව සිටි මාලඹේ මුත්තේට්ටුගොඩ පාරේ නිවසක් සෝදිසි කිරීමේදී එහි තිබී හෙරොයින් ග්රෑම් 500.06 ක් සොයා ගෙන ඇති බවත් එම හෙරොයින් තොගය සමඟ විත්තිකරුද අත්අඩංගුවට ගෙන ඇති බවත් හෙළි විය.
අදාළ හෙරොයින් තොගය පරීක්‍ෂාවට ලක් කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්රෑම් 274.68 ක් ඇති බව දැනුම් දී ඇතැයි නඩු විභාගයේදී හෙලි විය.
හෙරොයින් ලඟ තබාගැනීමේ හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට උපරීම දඬුවම වශයෙන් මරණීය දඬුවමද අවම දඬුවම වශයෙන් ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමද ව්‍යවස්ථාදායකය විසින් පණවා ඇතැයිද එවැනි දඬුවම් නියම කොට ඇත්තේ මෙහි ඇති භයානකත්වය මෙන්ම මෙවැනි අපරාධකරුවන්ට යළි සමාජගත් වීමට අවස්ථාවක් නොදිය යුතු බවට ව්‍යවස්ථාදායකය විසින් තීරණය කිරීමේ හේතූවෙන් යැයි පෙන්වා දුන් ලක්මිණි ගිරිහාගම මහත්මිය හෙරොයින් ව්‍යසනයෙන් රට, ජාතිය බේරා ගැනීමේ වගකීමක් අධිකරණයටද ඇති බව පෙන්වා දුන්නාය.
මත්කුඩු ජාවාරමේ යෙදෙන්නන් හා ඊට සම්බන්ධවීමේ අදහසින් සිටින පුද්ගලයින් භීතීයට පත්වන අන්දමින් මෙම විත්තිකරුට දඬුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය අධිකරණයෙන් ඉල්ලීමක්ද කළාය.
මෙම අපරාධයට මරණ දඬුවම නියම කිරීමට මත්තෙන් යමක් කීමට ඇද්දැයි විනිසුරුවරයා විත්තිකරුගෙන් විමසු අවස්ථාවේදී විත්තිකූඩුවේ සිට අධිකරණය ඇමතූ විත්තිකරු ‘මං මේ වරද කළේ නැහැ. 2012 වසරේදී සිදුවු වෙඩි තැබීමේ සිද්ධියක් හේතූවෙන් පොලිස් ‘නාකොටික්’ එකේ නිලධාරීන් මාත් එක්ක අමනාපයෙන් සිටි නිසා මේකට මාව පටලැව්වා.
ඔබතුමාගේ තීන්දුවට හා අධිකරණයට මා ගරු කරනවා. මාව වරදකරු කරමින් දුන් තීන්දුවට හා දඬුවමට විරුද්ධව මා ඉහළ උසාවියට ඇපීල් කරනවා’ යැයි පැවසීය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය පෙනී සිටියාය.

