කුඩු ගැසූ කතට අදත් ඇප නෑ
හෙරොයින් පැකට් 27ක් සමග පාමංකඩදී අත් අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවිකාවක වන රොෂෙල් ඈන්ඩ් බහාර්ට හා ඇය සමග සිටි ක‍්‍රිෂ්ණ රන්ජනී රාමලිංගම්ට ඇප දීම ප‍්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා සැකකරුවන්ගේ නීතිඥවරයාට දැන්වූයේ ලබන 11 වැනිදාට පෙර කරුණු ගොනු කරන ලෙසයි.
ඇප දිය හැකිදැයි ඉන්පසු තම තීන්දුව ප‍්‍රකාශයට පත් කරන බව මහේස්ත‍්‍රාත් ප‍්‍රකාශ කළේය. ගුවන් සේවිකාව හෙරොයින් නොවිකිනූ බවත් ඇය හෙරොයින් බීමට ඇබ්බැහි වී සිටි බවත් උසාවියේදී කියැවිණි.

