රුපියල් ලක්ෂ 25ක් පමණ විදී වටිනාකමක් ඇති හෙරෝයින් මත් කුඩු කිලෝවක් ත්‍රිරෝද රියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයක ත්‍රිරෝද රියට වෙඩි තබා අළුබෝමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි. කලක පටන් මෙම සැකකරු ත්‍රිරෝද රියෙන් කුඩු ප්‍රවාහනය කරන බවට පොලිසිය ලැබූණු තොරතුරක් මත රැක සිටි පොලිසිය සැකකරුට ත්‍රිරෝද රිය නවතන ලෙස සංඥකර ඇති අතර ඒ අවස්ථාවේ ත්‍රිරෝද රිය නොනවත්වා ධාවනය කර ඇත. පසුව ඔහු පිටුපස කිලෝ මීටර් පහක් පමණ ලුහු බැඳගොස් අළුබෝමුල්ලේ දී ත්‍රිරෝද රියට වෙඩි තබා ඇත. වෙඩි පහරත් සමග එය පෙරළී ඇති අතර ඒ අවස්ථාවේ සැකකරු පැන යාමට උත්සහ කළ ද ප්‍රදේශවාසීන්ගේ සහායෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. මත් කුඩු පැකට් 40 බැගින් අඩංගු කුඩා ගුලි 200ක් එහි තිබිණි.

