කුඩු ඇද්ද 20ක් පාකිස්තානයට බාරදෙයි


ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන ඒමේ චෝදනා යටතේ දීර්ඝ කාලයක් වැලිකඩ බන්ධනාගාරයේ සිටි පාකිස්තාන ජාතිකයෝ විසි දෙනෙක් අසාදු ලේඛන ගත කැර පාකිස්තාන රජයට බාරදෙන බව ආගමන විගමන පාලක ජනරාල් චුලානන්ද පෙරේරා මහතා කියයි. ගැහැණු දෙදෙනක්ද මේ අතර වෙති. බන්ධනාගාර නිලධරයන් දෙදෙනකු සමග මුල්ම දෙදෙනා කටුනායකට ගෙන ආ අවස්ථාවේදී ආගමන විගමන නිලධාරි ජයන්ත රත්නායක මහතා ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයෙන් විස්තර අසා ඔවුන් අසාදු ලේඛන ගතකැර යළි ශ්‍රී ලංකාවට ඒමට නොහැකිවන සේ පාකිස්තානයට බාරදීමට ක‍්‍රියා කළේය. එසේ නොවුයේ නම් සිංහල ද හොඳින් දන්නා ඔවුනට යළි ශ්‍රී ලංකාවට ඒමට ඉඩ ලැබෙතියි කියති. ශ්‍රී ලංකාවේදී වැරැදිකරුවන් වන නොරටුන් තවත් රටකට බාරදීම සඳහා 1995 පැනවූ අංක 5 දරණ පනත යටතේ මොවුන් පාකිස්තානයට බාරදෙනු ඇත.