(ඉන්දිකා රාමනායක)
කුඩාවැල්ල ධීවර වරායේ සිව් පුද්ගල ඝාතනය සඳහා යොදාගත් බව කියන ටී 56 ගිනි අවිය බෙලිඅත්ත නාකුලුගමුව ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී විශේෂ කාර්ය බලකාය සොයා ගත් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
2018;වසරේ සිදු සිදුවූ මෙම ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන වලස්ගල සුපුන් නැමැත්තාගේ ඉඩමට යාබද ඉඩමක වළ දමා තිබියදී මෙම ගිනි අවිය සහ උණ්ඩ 13 සොයාගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
වලස්ගල සුපුන් නැමැත්තා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවමත් බන්ධනාගාරගතව සිටී

