කුකුලන් 240ක් උස්සලා


(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද පොල්වත්ත ප්‍රදේශයේ  කුකුළු ගොවිපලකින් හොඳින් වැඩුණ කුකුළන් 240 දෙනකු සොරකම් කරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම කුකුළු ගොවිපළේ කූඩුවල යකඩ දැල් කපා කුකුළන් පොහොර උරවල බහා රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලේ සඳහන් වේ .

සොරකම සිදු මෙන්න අවස්ථාවේදී එම කුකුළු ගොවිපළේ කුකුළන් 2000 පමණ සිටි බව එම කුකුළු ගොවිපොළේ හිමිකරු දුමින්ද කුමාර නවරත්න යන අය පොලිසියට පැමිණිලි කොට තිබේ

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන සිදු කරයි .