ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ හතලිහක මුදලක් ලබා දීමට තමන් පොරොන්දු උවද එය ඉටුකිරීමට නොහැකි වීම ගැන බෙහෙවින් කනගාටුවන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් වාර්ෂික මාධ්‍ය හමුව අමතමින් පැවසුවාය.
කෙසේ වෙතත් ඒ වෙනුවට රුපියල් ලක්ෂ විසි එකහමාරක මුදලක් අනුමත කර ගත් බව ඇය කීවාය.
‘‘ අද මාධ්‍ය සාකච්ඡාවක් තියෙන බව දැනුම්වත්ව නෙමෙයි මෙතනට ආවේ. ගම්පහ දිස්ත්‍රික් තරුණ සම්මේලනයේදී මම පොරොන්දු වු ලක්ෂ 40 අනුමත කර ගැනීමට නොහැකි වීම ගැන මට ලොකු දුකක් දැනුනා.
මට ආසනයක් නැහැ. කොහොම උනත් ලක්ෂ විසි එක හමාර මුළු දිස්ත්‍රික්කයේම තරුණ, තරුණියන්ගේ වෘත්තීය පුහුණු කටයුතු සඳහා මම ලබා දෙනවා.
මගේ එකම ඉල්ලීම සුදුසු දරුවන් තෝරාගෙන වෘත්තීය පුහුණුව ලබා දෙන්න. ඒ සඳහා තරුණ දරුවන් යොමුකරන්න නිලධාරීන් උනන්දු වෙන්න.‘‘
ගම්පහ දිස්ත්‍රික් තරුණ කටයුතු අධ්‍යක්ෂිකා කුමුදුනී දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු වාර්ෂික මාධ්‍ය හමුවට දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී විජිත දේවපක්ෂ, මීරිගම පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන බාර නිලධාරී නිමල් ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු තරුණ සේවා නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.



