ගලෙන්බිඳුණුවැව කිව්ලේකඩ වැව අද දෙවැනිවරටත් කැඞී මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 2000ක් පමණ වැනැසී ගියේය.
වැව කැඞීයාමත් සමග ගොවීහු නොසන්සුන්වූහ. අද සවස 5.30ට පමණ වැව කැඞී ඇත්තේ 2011 දී වැව කැඞී තාවකාලිකව පිළිසකර යෙදූ ස්ථානයෙනි.
ගංවතුරත් සමග වැව පිරීම නිසා වැඩි වතුර පිටවීමට කැපූ ස්ථානයකින් වතුර ගලාගොස් බැම්ම කැඞී ගිය බව ගොවියෝ කියති.
2011 දී වැව් බැම්ම හරියට පිළිසකර නොකිරීම ඊට හේතුව බව ඔවුහු කියති.
නොසන්සුන් ගොවීන් හමුවීමට යන බව වාරිමාර්ග ඉංජිනේරු ලලින්ද අල්විස් මහතා කියයි.

