කිලෝ එක හමාරක රන් අර පැත්තෙන් එළියට


රුපියල් හැත්තෑපන් ලක්ෂයක් වටිනා රන් කැබලි දොළහක් තම ගුද මාර්ගයේ සගවාගෙන ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණි ශ‍්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද  උදෑසන අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු නිකවැරටිය ප‍්‍රදේශයේ පදිංචි  තිස් හැවිරිදි පුද්ගලයෙකි.

ඉවතට ගනු ලැබූ රන් කැබලි වල බර  ග‍්‍රෑම් එක් දහස් පන්සීයකි.

මේ  මාසයේ පමනක්  අට වතාවක් මේ අයුරින් රන් ප‍්‍රවාහනයේ යෙදුණු පුද්ගලයින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට  ගෙන ඇති බව පැවසූ  ලෙස්ලි ගාමිණී  මහතා එලෙස අත්අඩංගුවට ගත් රන්වල බර කිලෝග්‍රෑම් පහක් බවත්  එම වටිනාකම දෙකෝටි හැත්තෑපන් ලක්ෂය ඉක්මවන බවත් කීවේය.

සැකකරු අද උදෑසන ජෙට් ගුවන්සේවයට අයත්  9 ඩබ්ලිව් 255 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ මුම්බායි නුවර බලා යාමට පැමිණ සිටියදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් විය.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ රේගු නිළදාරීහු සිදුකරති.