කිලෝ 8500ක පහණ පහනක් සිරි පා මළුවට


කිලෝ 8613 ක් බරැති ශෛලමය දොළොස්මහේ පහනක් ද හා පිත්තල ඝණ්ඨාරයක් ද වන්දනාකරුවන්ගේ වන්දනාමාන සඳහා දින කිහිපයකින් ශ්‍රී පාද මහ මළුවට රැගෙන යන බව  ශ්‍රී පාදස්ථානාධිපති  බෙංගමුවේ ධම්මදින්න ඌව වෙල්ලස්ස සරසවියේ උප කුලපති නා හිමියෝ පවසති.

මෙම පහනේ හා ඝාණ්ඨාරයේ කොටස් අද (19) නල්ලතන්නියට වාහන මඟින් රැගෙන එනු ලැබීය.

ගුවන් හමුදා සහායෙන් එතැන් සිට මහ මළුවට එම පහනත්  ඝණ්ඨාරයත් රැගෙන යන බවද ඒ හිමියෝ කියති.කොටස් වශයෙන් ගැලවිය හැකි දොළොස්මහේ පහන තනි කලු ගලෙන් නිමවා පිත්තල ආරක්ෂක ආවරණයකින් වසා ඇතැයිද නි හිමියෝ කියති.

පිත්තල ආවරණයේ බර කිලෝ දහසකි

.