(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය, පරන්තන් ප‍්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු පස් දෙනෙක් තියුණූ ආයුධ වලින් කපා දැමූ සැකකරුවන් පිරිසක් යුද හමුදා කඳවුරක් හරහා පැන යාම නිසා ඉරිදා (17) රාත්‍රියේ ඇති වූ දැඩි උණුසුම් තත්ත්වයක් පාලනය කළ බව කිලිනොච්චිය පොලීසිය කියයි.
මත්පැන් අලෙවි ස්ථානයක් අසල දෙපිරිසක් බීමත්ව සිට ඇති අතර පසුව එම ස්ථානයේ ඇතිවූ ආරවුලක් නිසා එම දෙපිරිසම මත්පැන්හලේ හිමිකරුවන් විසින් ඉවත් කර ඇත.
පසුව එක් පිරිසක් අසල පිහිටි කුඹුරු යායක බිමතින් සිටි අවස්ථාවේදී මුලින් ගැටුම ඇති කරගත් අනෙක් පාර්ශවය විසින් තියුණු ආයුධ සහිතව පැමිණ බිමතින් සිටි පිරිසට පහර දී ඇති බවට කිලිනොච්චිය පොලීසිය විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.
පහරදීමෙන් පුද්ගලයින් පස් දෙනෙක් කැපුම් තුවාල ලබා කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කර ඇති බවත් පහරදීමට පැමිණි පිරිස පහරදීමෙන් පසුව එක් සැකකරුවෙක් අසල පිහිටි යුද හමුදා සමබන්ධීකරණ කඳවුරක් හරහා පැනයාමත් සමඟ ප්‍රදේශවාසීන් විසින් උණුසුම්කාරීව හැසිරුණේ සැකකරුවන් යුද හමුදාව සන්තකයේ තබා ආරක්ෂා කරන බවට චෝදනා කරමිනි.
පසුව එම ස්ථානයට යුද හමුදා අමතර කණ්ඩායමක් හා කිලිනොච්චිය පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර ප්‍රදේශවාසීන්ට කරුණු පහදා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.




