කිරිල්ලවලදී කන්ටේනර් දෙකක් ගැටෙයි


කොළඹ-මහනුවර පාරේ කිරිල්ලවල සහ ඇල්දෙනිය අතර සිදුවූ කන්ටේනර් අනතුරෙන් කිසිවකුටත් හානියක් නොවූ බව පොලීසිය කියයි. කන්ටේනර් දෙකක් මුහුණට මහුණලා ගැටී මේ අනතුර සිදුවී ඇත. අනතුරෙන් විදුලි කණු කිහිපයකට හානි සිදූ වී ඇති අතර පොල් ගසක් ද පාර හරහා පෙරැළී තබේ. කන්ටේනර් දෙකේ රියදුරන් දෙදෙනා අනතුර සිදුවෙද්දී එළියට පැණ ඇතැයි කියති. කඩවත හා ගම්පහ පොලීසිවල නිලධරයෝ රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරමින් සිටිති.