කිරිබතුයි රතිඤ්ඤයි තැන තැන
හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් වූ පුවත අසා නගර ගම් නියම්ගම් රැසක රතිඤ්ඤා පත්තු කොට බැලූම් අහසේ පා කරමින් කුරුල්ලන් නිදහස් කර සතුට පළ කළ බව අපේ වාර්තාකරුවෝ කීහ.
තැනෙක කිරිබත් සංග‍්‍රහද තවත් තැනක ජාතික කොඩි ඔසවාගත් පිරිස්ද ප‍්‍රීති ඝෝෂා දක්වන අයුරුද දැකගත හැකිවිය.
අම්බලන්ගොඩ, ගාල්ල, අනුරාධපුර, ගම්පහ, අලූත්ගම, අම්පාර, කන්තලේ, බණ්ඩාරවෙල, හපුතලේ මේ ප‍්‍රීති ඝෝෂා දැකගත හැකි විය.

