කිරිපිටි - තිරිඟු පිටි - සිමෙන්ති සමාගම්වලට දැඩි කොන්දේසි


(යොහාන් භාසුර)

කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමේදී අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බවත් ඒවා හුදෙක්ම පාරිභෝගිකයා ආරක්‍ෂාකරගැනීම සඳහා වන කොන්දේසි පමණක් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය.

මිල ඉහළ දැමීමෙන් පසුව අඛණ්ඩව වෙළෙඳපොලට සැපයුම් කිරීම, දෛනිකව සැපයුම පාරිභෝගික අධිකාරියට වාර්තා කිරීම, මිල වැඩි කර මාස තුනක් යන තෙක් නැවත මිල වැඩි කිරීමට ඉල්ලීම් කිරීමට නොහැකි වීම සහ අදාල සමාගම්වල විදේශ මව් සමාගම් සමඟ සාකච්ඡා කර ඩොලර් ගෙවීමකින් තොරව මාස හයක් හෝ වසර කාලයක් සැපයුම ලබාගැනීම ආදි පාරිභෝගිකයා ආරක්‍ෂා කිරීමේ ගිවිසුමක් අස්සන් කළ බව කී එම නිලධාරියා පැසුවේ එසේ නොවුණ හොත් මිල වැඩිකිරීමෙන් පසුව ඩොලර් නොමැති යැයි පැවසිය හැකි බවත්ය.

ගෑස්වල මිල වැඩි කිරීමෙන් පසුවත් ඩොලර් නෑ කියන තත්වයක් මේ වන විට උද්ගත වී තිබෙන බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ නීති අංශයේ උපදෙස් අනුව එම ගිවිසුම් සකස් කළ බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.