කිරිකැටියාගේ ඇඟිල්ල කැපේ


පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළදරුවකුගේ වම් අතේ සුළැඟිල්ල හෙදියකගේ නොසැළකිල්ලෙන් කතුරකින් කැපී වෙන් වී ඇත. ප්ලාස්ටරයක් කපද්දී එය සිදු වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. ශල්‍ය වෛද්‍ය සමන්ත කිරිවත්තුඩුව ඇඟිල්ල බද්ධ කිරීමේ සැත්කම කෙළේය. එම සැත්කමේ සාර්ථක අසාර්ථක භාවය ගැන දැන්ම කිව නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වන බවත් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි. ඇඟිල්ල කැපී ඇත්තේ බදාදාය. කුරුණෑගල ආර්.එම්. ජයසුන්දර මහතාගේ දරුවා මේ ඉරණමට ගොදුරු විය.