( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
කිරි පැකට් පිළිබඳ ප්‍රශ්නයකට කොළඹ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සහ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අතර සිදු වු බහින් බස් වීමකින් අද (07) පස්වරුවේදී මැතිසබය උණුසුම් විය.
මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩිකිරීමට අදාල යෝජනාව පිළිබඳව පැවැති විවාදයේදී අදහස් දක්වමින් සිටියදීය මෙම උනුස්ම් තතත්වය ඇති විය.
මෙහිදී නැඟි සිටි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
‘අපේ උද්ඝෝෂණයට ආපු ජනතාවට මුජිබර් මන්ත්‍රීතුමා පරණ කිරිපැකට් දීලා පිරිසක් ඒවා බීලා ලෙඩ වුණා.මේක කළේ මෙතුමා මේවා ජරා වැඩ.
මුජිබර් රහුමාන් මහතා
‘බොරු චෝදනාවක් .අපි ගෑනු වැඩ කරන්නේ නැහැ.එයාලා තමයි ඒවා කරන්නේ.කරන දෙයක් අපි කරන්නේ එළිපිටමයි.හැංගි හොරා වැඩ නැහැ.
මහින්දානන්ද අලුත්ගමගේ මහතා
මෙතුමා එතනට ඇවිත් තියෙන්නේ බීමතිනුයි.
රහුමාන් මහතා
මම අරක්කු බොන්නේ නැහැ.හැබැයි ඔබතුමානම් බීලා ෂැංග්‍රිලා හෝටලයේ හිටියා කියලා ආරංචියි.
(ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසති.)
රහුමාන් මහතා
අරාබි වසන්තයක් කරන්න ආපු අය අරක්කු වසන්තයක් කළා. ලැජ්ජයි. කොළඹ වටලනවා කිව්වට වැටලුවාද?

