කුරුණෑගල නාරම්මල සමන් ඉන්ද්‍රසිරි මහතා සිය දෙහැවිරිදි පුතාගේ උපන් දිනය බත්තරමුල්ල කොස්වත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට මහ පාර අයිනේ සැමැරීය.
උපන්දින කෙක් ගෙඩිය පාර අයිනේ තබා පුංචි පුතා ලවා කැප්පවු ඔහු පැවසුයේ අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් රට රැකියාවට යැවීම නතර කළ යුතු බවයි.
සෞදි අරාබියේ රැකියාවට යෑමට බිරිය ගත් තීරණය වෙනස් කැර ගැනීමට පොලීසියට ගියත් වැඩක් නොවු බව ඔහු කියයි.මව් කිරි දිය යුතු වයසේ දරුවන්ට මව්වරුන් රට රැකියාවනට යැවීම තහනම් කළ යුතු බව ඔහු පවසයි.
මාස හයකින් තම බිරිය ගැන කිසිදු තොරතුරක් නැති බව ද ඔහු කියයි.


