කිඹුලෙක් ගේ ඇතුළේ


අම්බලන්තොට බැරගම වලවේ ගඟ අයිනේ නිවෙසකට කිඹුලෙක් ආවේය. ගෙහිමියා රාත‍්‍රියේ සාලයේ බිම දිගාවී සිටියදී බල්ලන් බුරන ශබ්දයට වටපිට බැලූවිට දුටුවේ අඩි හතක් දිග කිඹුලෙකි. කිඹුලා අල්ලා මුන්දල වනෝද්‍යානයට ගෙන ගිය බව වන සත්ත්ව නිලධරයෝ කියති.