කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අත්අඩංගුවට


අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයකට පෙනී නොසිටීම හේතුවෙන් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු කිඹුල්ලෑවේ චන්ද්‍රානන්ද හිමි අද (9) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

චන්ද්‍රානන්ද  හිමි හෙට‍ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.