කිනිතුල්ලෙක් තේ වත්තට පනී
මොනරුන්ගෙන් බෝවෙතියි කියන සුදුපැහැ කිනිතුල්ලකු හබරාදූව ආසනයේ ඉමදූව තේ වතු ආශ්‍රිත ගැමියන් අතර භීතියක් ඇති කරතියි කියති. කොත්තමල්ලි පළුවක් තරම් වන මේ කිනිතුල්ලා මොනරුන් ඉගිලෙන විට හැළෙතියි ගැමියෝ කියති. සම බදාගෙන කන මේ කිනිතුල්ලා ගලවා දැමීමට ලුණු හෝ හුණු ගෑ යුතු බවත් කඩා දැමුවොත් තුවල වන බවත් ගැමියෝ කියති. කිනතුල්ලා දෂ්ට කිරීමෙන් කැසීම, පලු නැඟීම, උණ හටගන්නා බවත්, දැන් එම පෙදෙසේ මොනරුන් ඉතා බහුල බවත් මේ කිනිතුල්ලන්ගෙන් ටයිපස් උණ වැළැඳිය හැකි බවත් වෛද්‍යවරු කියති.

