කිංස්බරි පන්සල ඔලිම්පික් සිළුවට ආසිරි පතයි


ලන්ඩනයේ සිකුරාදා උත්සවාකාරයෙන් ඇරැඹෙන ඔලිම්පික් උළෙලේ පන්දම රැගත් ක්‍රීඩකයා උතුරු ලන්ඩනයේ කිංස්බරි නගරයෙන් ගමන් කරද්දී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මහා සංඝරත්නය සෙත් පිරිත් දේශනා කැර ආසිරි පැතූහ. පණ්ඩුල වික්‍රමරත්න මහතාගේ සිසුහු උඩරට නැටුම් දැක්වූහ. ලංකා මහා කොමසාරිස් කාර්යාලයය ලංකාවේ තේ නොමිලයේ පිරිනැමීය. ලංකාව ගැන ලියැවුණු පොත් පත් ද නොමිලයේ බොදා දුන්නේය.