කෑන්ස් ලයන්ස් කිරුළ ඩේලිමිරර් මාධ්‍යවේදිනියට


(දීපා අදිකාරි)

ප්‍රංශයේ  පැවති   ‘කෑන්ස්  ලයන්ස් ‘ ජාත්‍යන්තර නිර්මාණාත්මක උළෙලේදී ලොව  රටවල් 150 ක්  පරදවා   ‘2017  කෑන්ස් ලයන්ස්‘ කිරුළ දිනා ගැනීමට  ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩේලි මිරර් පුවත්පතේ කමන්ති වික්‍රමසිංහ සමත් වූවාය.

ඇය අද (27) කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.

දිවයිනට පැමිණි ඇයව පිළිගනු ලැබුවේ ඩේලි මිරර් පුවත් පත නියෝජනය කරමින් පැමිණි ආචාර්ය රිසාන්ති විජයවර්ධන මහත්මිය  සහ කමන්තිගේ දෙමව්පියන් විසිනි.

එම අවස්ථාවේදී ඇය පැවසුවේ  ලොව පුරා රටවල් 150 ක තරුණ මාධ්‍යවේදීන් අතරින් තමන් ලැබූ මෙම ජයග්‍රහණය පිළිබද සතුටු වන බවයි.