කෑගලු උසාවි කූඩුවේ දෙදෙනෙක් ගහ ගනිති
කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගෙවල් බිඳීමේ නඩුවක් විභාග වෙද්දී විත්තිකරුවෝ දෙදෙනා විත්තිකූඩුවේදී ගැටිබැට හුවමාරු කැර ගත්හ. නඩු විභාගය අතර මඟ නතර කළ මහේස්ත්‍රාත් විරාජ් රණතුංග මහතා තුවාලකරු රෝහල් ගත කරන ලෙස නියෝග කෙළේය. පහරදුන් විත්තිකරු අයි.ඩී. අර්ජුන ශ්‍රී වර්ණසුරිය. ඒ සිද්ධිය සම්බන්ධයෙන් වෙනම නඩුවක් ගොනු කිරීමෙන් පසුව නිවැරැදි කරු යැයි පැවැසීම නිසා ඔහු රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කෙළේය. තුවාල ලැබුයේ ඒ.ඩී. ධර්මසේන නම් විත්තිකරුය.

