කෑගල්ල-රඹුක්කන මාර්ගය අද පස්වරුවේ සිට පැය 24 ක් වසා දමයි


(දසුන් රාජපක්ෂ)

කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය අද (18) පස්වරු 6.00 සිට හෙට (19) අලුයම 6.00 දක්වා වසා තැබෙන බව  මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ සහ ඊට සමාන්තරව පිහිටි මෙම මාර්ගයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එලෙස තාවකාලිකව කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අලුත්වැඩියා කටයුතු සඳහා කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය නැවත වරක් අනිද්දා (20) පස්වරු 6.00 සිට ඉන් අනිද්දා (21) පෙරවරු 6.00 දක්වා වසා දැමෙන බව ද මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

සිදු වන රථ වාහන තදබදය සහ අපහසුතාවය වළක්වා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.