කැළණි ගඟට තව පාලමක්


කොළඹ නගරය හා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සෘජුවම සම්බන්ධ කෙරෙන පරිදි කැළණි ගග හරහා නව පාලමක් ඉදිකිරීමේ සැලසුමකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මේ සදහා වන යෝජනාව ඉදිරිපත් කර තිබෙනුයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ආගමනයත් සමග කොළඹට නගරයට වාහන ඇතුල්වීමේදී වැඩිවී ඇති තදබදය අවම කිරීමට මින් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පාලම මංතීරු 6 කින් සමන්විත වනු ඇත.

පාලම ඉදිකෙරෙනු ඇත්තේ නව කැළණි පාලම හා සමාන්තරවය.ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට අවශ්‍ය උපදෙස් හා රුපියල් බිලියන 45.5 ක මුල්‍ය ආධාර සැපැයීමට ජපාන රජය ඉදිරිපත්ව සිටී.