කොල්ලුපිටියේ කැසිනෝ රාත්‍රී සමාජ ශාලාවකදී පානදුරයේ තාරුකා නදී කුමාරී විජේසිංහට පහර දුන්නැයි කොළඹ කැරොකි සමාජ ශාලා හිමියකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා රුපියල් පන්ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
කැසිනෝ හිමිකරු තමාට බැන වැඳුණු බව ඇයගේ පැමිණිල්ලේ සඳහන්ය.
සමීපරූප සහිත සීසීටීවී කැමරා දර්ශන ඉදිරිපත් කරමින් කැසිනෝ හිමියාගේ නීතීඥ අසේල රැකව මහතා පැවසුයේ ඇගේ චෝදනාව අසත්‍ය බවයි.
ඇමැතිවරයකුගේ දියණියක බව කියන පැමිණිලිකාරිය කැසිනෝ සමාගමේ සංවර්ධන නිලධාරිනියක ලෙස රදවා ගත් බවත් අලුයම පහට ඇය කැසිනෝ හලට පැමිණි බවත් සාමාන්‍ය කාන්තාවක එවැනි වේලාවක කැසිනෝ හලට නොයන බවත් රැකව මහතා කියා සිටියේය.

