
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු යුද හමුදා සෙබළා සහ අනෙක් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී කොල්ල කෑ පවුම් 34 ක රන් භාණ්ඩ , මැණික් ගල් හා ජංගම දුරකථන සොයා ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පවුම් 15 ක රන් මාලයක් ,පවුම් 12 ක රන් මාලයක් ,පවුම් 5 ක අත් පළදනාවක්,පවුම් දෙකහමාරක රන් මාලයක්, ජංගම දුරකථනයක් හා වටිනාකම තක්සේරු කර නොමැති මැණික් ගල් 15 ක් , ඝාතනය සඳහා යොදා ගත් ටී ෂර්ටයකින් සකසන ලද මුහුණු ආවරණයක්,අත් වැසුම් 2 ක් පොලිස් බාරයට ගෙන ඇත.


