කැලෑ නීතිය කඩලා
අනවසර ගිනි අවියක් රැගෙන මාදුරුඔය රක්‍ෂිතයේ දඩයමේ ගිය දඹානේ කොටබකිණියේ ආදිවාසිකයකු අත්අඩංගුවට ගැනීමට ගිය වන ජීවී නිලධරයන් අතර ගැටුමකින් පසු ආදිවාසියා හා වනජීවී නිලධරයෝ මහියංගන හා ගිරාඳුරුකෝට්ටේ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ. ආදිවාසින් පිරිසක් වන ජීවි නිලධරයාට පහරදී ඇත. පහරදුන් බවට දෙදෙනාම පොලිසියට පැමිණිලි කර ඇත.

