කැලණියෙන් මර්වින් සිල්වාට යළි ප‍්‍රහාරයක්
දුෂණ චෝදනා ලද අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පන්නනවා නම් මුලින්ම මර්වින් සිල්වා නෙරපිය යුතු යැයි කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ලංකා විජිත කුමාර මහතා පැවැසීය.
”අප එයාගෙන් ටිකට් (නාමයෝජනා) ගන්නේ නැහැ. එයාගේ ටිකට් අපට එපා අප එයාගේ ටිකට් කැපුවේ මාස තුනකට කලින්” යැයිද ඔහු කීවේය. තම අනුමැතිය නැති කිසිවකුටත් නාමයෝජනා නොදෙන බව ඇමැති මර්වින් සිල්වා මීට කලින් කියා තිබිණි.

