කැලණිය සරසවියේ සිව්වන වසර අධ්‍යයන කටයුතු 13 ඇරඹේ


(නිමල කොඩිතුවක්කු)

කැලණිය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යයන කටයුතු ලබන 13 වැනිදා සිට ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව විද්‍යා, වාණිජ හා කළමනාකරණ අධ්‍යයන, පරිගණක තාක්ෂණ පීඨවල සිව්වන වසරේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කිරීමට නියමිතය.

නේවාසික පහසුකම් ලබාදී ඇති එම පීඨවල සිව්වන වසරේ සිසුන් පමණක් ලබන 12 වැනිදා පෙරවරු 09.00 සිට පස්වරු 05.00 දක්වා කාලසීමාව තුළ නේවාසිකාගාර වෙත වාර්තා කළ යුතු වේ.

නේවාසික පහසුකම් ඇති සිසුන් නේවාසිකාගාරවල නතර වීම අනිවාර්ය නොවන අතර අවශ්‍ය නම් නිවසේ සිට පැමිණිය හැකි බව ද කැලණිය විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සඳහන් කළේය.