කැලණිය ප්‍රා. මන්ත්‍රී අත්අඩංගුවට


කැලණිය ප්‍රාදේශීය සභාවේ කසල බැහැර කිරීමේ ප්‍රශ්නයට විසැඳුමක් දීමට එහි ගිය නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඉදිරියේ කලබල කරමින් ආවේග ශීලීව කතා කළැයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. කසල දැමීමෙන් පසු  පස් දමා වැසීමේ කොන්දේසි මත මානෙල්ගමට කුණු දැමීමට උසාවිය නියෝග කර ඇත.  ගැමියෝ හා සේනානායක මහතා අතර පැවැති සාකච්ඡාවේ දී මෙම මන්ත්‍රී කලබල කළැයි පොලිසිය කියයි.