කැලණිය පන්සල පොන්සේකා අගයයි


හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා ඓතිහාසික කලණිය රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද  සංඝරක්ඛිත හිමියන් ද බැහැදුටුවේය. හමුදාපති වශයෙන් කළ මෙහෙවර ඉතා විශාල බවත් එය රටවැසියන්ට අමතක නොවන බවත් සංඝරක්ඛිත නා හිමියෝ කීහ. ඔබ සිරගතව සිටි කාලයේ ඔබ වෙනුවෙන් බොහෝ පිරිස් නොයෙක් පින්කම් කරමින් ආශිර්වාද කළ බව ද ඒ හිමියෝ පැවැසූහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ මහත්වරු ද කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු ද එක් වූහ.