ගංජා සුරුට්ටු ළඟ තබා ගත්තැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් දස දෙනකු රුපියල් පනස් දහස බැගින් පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය නියෝග කළාය.
කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් ගංජා සුරුට්ටු කැපීම සහ එතීම සඳහා විවිධ උපකරණ ළඟ තබාගෙන සිටි බව ද කිරිබත්ගොඩ පොලිසිය අධිකරණයට දැන්වීය.
සිසුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ චතුර ගුණරත්න මහතා පැවසුවේ නවක සිසුන් පිළිගැනීමට තොරණක් ඉදිකරමින් සිටිය දී පොලිසිය බොරු චෝදනා කර සිසුන් අත්අඩංගුවට ගත් බවයි.

