කැලණි රන් සොයන්න බලපතක් එයි


කැලණි ගඟේ පූගොඩින් මතුවන රත්තරන් කැනීම සඳහා එම ප්‍රදේශවල ජනතාවට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට කඩිනමින් පියවර ගන්නා බව භූ විද්‍යා හා පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ සභාපති ආචාර්ය එන්.ජී. විජයානන්ද කියයි. එතෙක් ගඟෙන් රත්තරන් ඉවත් කිරීම තහනම් කැර ඇත. ශ්‍රී ලංකාවේ පසෙහි රන් ප්‍රතිශතයක් ඇති බවත් මීට පෙර කිරි ඉබ්බන්ආරෙන් මෙලෙස රත්තරන් මතු වී ඇති බවත් මැණික් පතල් වල ද යම් ප්‍රමාණයක රත්තරන් හමුවී ඇති බවත් ඔහු පවසයි. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා පැවැසුයේ ශ්‍රී පාද අඩවියේ පසෙහි රත්තරන් ඇති බවට ජනප්‍රවාදයේ කතාවක් ඇති බවයි. කැලණි ගඟේ මඩ යට ඇති කළු වැලි ගරා ගත් විට අබ ඇට ප්‍රමාණයේ රත්තරන් සොයා ගන්නා බවත් මහා වැස්කින් රන් මුසු පස් පහළට ගලා යන්නට පෙර  මෙම රන් ඉවත් කැර ගත යුතුව බවත් ඔහු පවසයි.