(හර්ෂණ තුෂාර සිල්වා)
අද උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කැලණි ගඟ නිම්නයේ ඉහළින් පිහිටි නෝර්වුඩ් පෙදෙසට මිලිමීටර 57.7 ක වර්ෂාවක්ද, මැද කොටසේ පිහිටි කිතුල්ගල පෙදෙසට මිලිමීටර 55.3 ක වර්ෂාවක්ද ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත වල සටහන් වේ.
කැලණි ගඟේ ඇතැම් ස්ථානලට මිලිමීටර 75ට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
සඳුඳා රාත්‍රියේ (29) රත්නපුරයට හා තවලමට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්ත-ු ගංවතුර පුරෝකථන වාර්තාවේ දැක්වේ.
සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබුණද තවමත් ගංඟාවල ජල මට්ටම ඉහළ යන බවක් පෙන්නුම් කර නොමැති බවත් ඉදිරි පැය කිහිපයේදීද අඛණ්ඩව වර්ෂාව ලැබුණහොත් ජල මට්ටම නැවත වරක් ඉහළ යෑමේ අවදානමක් තිබෙන බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද 30 උදෑසන නිකුත් කළ වාර්තාවට අනුව කැලණි, කළු, ගිං හා නිල්වලා යන ගංඟාවල ජල මිණුම් ස්ථානවලට පහත සඳහන් වර්ෂාපතන ලැබී තිබේ.
⦁ කැලණි ගඟ - දැරණියගල මිලිමීටර 65.5
⦁ ගිං ගඟ - තවලම මිලිමීටර 61.1
⦁ කැලණි ගඟ - නෝවුඞ් මිලිමීටර 57.7
⦁ කැලණි ගඟ - කිතුල්ගල මිලිමීටර 55.3

