කොළඹ යුනියන් පෙදෙසෙහි රාත්‍රී සමාජ ශාලාවක සුදු පොළක් කළමණාකරණය කිරීම හා පවත්වාගෙන යාමේ චෝදනාවට වරද පිළිගත් එහි කළමණාකරුවන් තිදෙනකු හට රුපියල් 25000 ක දඩයක් හා එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම කළ මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් රෂන්ත ගොඩවෙල මහතා වරද පිළිගත් සමාජ ශාලාවේ මුදලට සුදු සෙල්ලම් කළ හැත්තෑනව දෙනකු හට එක් අයකුට රුපියල් සියය බැගින් දඩ ගෙවන්නැයි නියෝග කළේය.
ලෙස්ලි සමරදිවාකර, චමින්ද මංජුල කරුණාරත්න, හෙට්ටිආරච්චිගේ දිලීප් මධුෂාන් ට ඇප තැබීමට ලගම ඥාතීන් ඉදිරිපත් නොවුයෙන් ඔවුහු අගොස්තු 23 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබුහ.