ගංගාරාම පංසලේ පිංපෙට්ටියෙන් රුපියල් 400ක් සොරකම් කළ තිදෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මාස හයක සිර දඩුවම් නියම කර වසර පහකට අත්හිටුවීය.
ගනේමුල්ලේ එම් ඒ නිහාල්, ජයන්ත ශාන්ත කුමාර හා තුසිත කුමාරට රුපියල් 1500 බැගින් දඩ ද නියම විය.
පංසලේ සවි කර තිබූ ආරක්ෂක කැමරාවලින් ඔවුන් අල්ලා ගැනීමට හැකිවී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.