කැබ් රථයේ වැදුණු තරුණයින් දෙදෙනෙකු මරුට


රොමේෂ් මධුෂංඛ

 

මුලතිව්, මාන්කුලම, වෙල්ලාන්කුලම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මල්ලාවි පොලීසිය පවසයි.

වෙල්ලාන්කුලම දෙස සිට මල්ලාවි දෙසට ගමන් ගත් යතුරුපැදියක්, හා මල්ලාවි දෙස සිට වෙල්ලාන්කුලම දෙසට ගමන් කළ කැබ් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

කැබ් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති අතර වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් සිදු වූ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පොලිසිය පැවසූවේ මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශයේ විනායගපුරම් ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇන්තෝනි සුරේෂ් නමැත්තෙකු හා එම ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි එස්.පුනිදකුමාර් නැමැත්තෙකු එලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනතුරින් පසුව කැබ් රථයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පරික්ෂණ සිදු කරන මුලංකාවිල් සහ මල්ලාවි පොලීසිය පවසයි.