කැපුම් තුවාල ලැබූ පිඹුරාට සැත්කමක්


(ජේ.කේ.එල්.චාමින්ද )
 
තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන්  බරපතල ලෙස  කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කිරිමෙන් පසු  මේ වනවිට හියාරේ සත්ව රෝහලේ  සුවය ලබමින් සිටින බැව්  ගාල්ල  වනජිවි සංරක්ෂණ සංගමය   පවසයි.
 
 පිඹුරා බටපොළ ප්‍රදේශයේදී තණකොළ කපන යන්ත්‍රයකට හසුවී ඇති අතර  පිඹුරාගේ උදරයට ඉහළින් කැපුම් තුවාල තුනක් තිබූ බව  වනජීවි සංරක්ෂණ සංගමය පවසයි. මෙම මස 08 වැනිදින පිඹුරා  ගාල්ල  වනජිවි කාර්යාලය මගින්  හියාරේ සත්ත්ව රෝහලට රැගෙනවිත් භාරදි තිබුණි. 
 
සත්ත්ව රෝහල වනජිවි සංරක්ෂණ  සංගමය මගින් පාලනය වන අතර  බරපතල කැපුම් තුවාල ලැබූ පිඹුරා පශු වෛද්‍ය නිලධාරියකු ලවා සැත්කමකට භාජනය කිරිමට  කටයුතු කරණු ලැබීය. පිඹුරාට විනාඩි 45ක පමණ සැත්කමක් පශු වෛද්‍ය නිලධාරිවරයා   කළ   බව  වනජිවි සංරක්ෂණ සංගමයේ පර්යේෂණ නිලධාරී සිසිර ජයසිංහ මහතා පවසයි.