ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරන නිසා පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන වාර්ෂික ආධාර ඉදිරියේදි නැවැත්වීමට තීරණය කර ඇතැයි කැනඩාව අද (16) නිවේදනය කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ව්‍යාපෘති සඳහා ලබාදීමට තීරණය කර ඇති කැනඩා ඩොලර් මිලියන 20 මුදල (රුපියල් කෝටි 237ක් පමණ) ,වෙනත් යෝජනා ක්‍රම සඳහා ලබාදෙන බව ද කැනඩාව සඳහන් කරයි.
1983-2009 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදි සිදුවීයැයි කියන මානව හිමිකම් චෝදනා ලංකාව ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාවේ සිදුවූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්, වගවීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ලංකාව අපොහොසත් වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් කැනඩා විදේශ ඇමැති ජෝන් ඛෙයාර්ඩ් කීවේය.
ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කැනඩා අගමැති වර්ජනය කළේය.
(ඒඑෆ්පී ඇසුරෙනි)

