කැනඩා කෝවිල් දෙකකට දඩ
පුණ්‍යායතන මුවාවෙන් කොටි සංවිධානයට මූල්‍යධාර සැපයූ බවට චෝදනා ලැබූ කැනඩාවේ හින්දු කෝවිල් දෙකකට එරෙහිව එරට ආදායම් බදු දෙපාර්තමේන්තුව කැනඩා ඩොලර් ලක්‍ෂ 4 1/2 ක (රුපියල් කෝටි 5.67) නියම කර ඇතැයි තානාපති ආරංචි කියයි.
ටොරොන්ටෝ නගරයේ රිච්මන්ඞ් හිල් ප‍්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් දෙකකට එරෙහිව එක් කෝවිලකට කැනඩා ඩොලර් ලක්ෂ තුනක්ද අනෙක් කෝවිලට කැනඩා ඩොලර් ලක්‍ෂ 1 1/2 ක්ද වශයෙන් දඩ නියම කර තිබේ.

