මාතර පොලීසියේ දූෂණ මර්ධන අංශයේ කොස්තාපල් හා ඔහුගේ බිරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු වශයෙන් සලකන චින්තක වසන්ත හෙවත් කැටයම් චින්තක කඹුරුපිටිය උල්ලල දී පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරින් මරුමුවට පත්වූ බව පොලිස් ආරංචි කියයි.
ඔහු සිටි ස්ථානය වැටලූ අවස්ථාවේදී පොලීසියට බෝම්බයක් ගැසීමට සැරසී ඇතැයි ද එවිට පොලීසිය ඔහුට පෙර ක්‍රියාත්මක වී ඇතැයි ද දැනගන්නට ඇත.
මෙම සිද්ධියේදී කොස්තාපල්වරුන් දෙදෙනෙකු ද තුවාල ලැබූහ.