කැටපත් පවුරේ ලූණු By None // 2012 ඔක් 23 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කුරුලූ බෙටිත්, සීගිරියේ අලූත්වැඩියාවට ගෙන ආ සිමෙන්ති ඇතුළු රසායන ද්‍රව්‍යයන්හි ලූණු ගතිය නිසා සීගිරි කැටපත් පවුරට ලූණු කා වැදී ඇතැයි ද, එයින් සීගිරි ගී වලට හානි විය හැකි යැයි ද විද්‍යාඥයෝ පිරිසක් කියති. කැටපත් පවුරේ ”පුස්” වර්ගයක් හැදී ඇතැයි වාර්තා වීමෙන් පසුව මධ්‍යම සංස්කෘතික අරමුදල විශේෂඥ උපදෙස් පැතීය. පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ මහාචාර්ය ජගත් වීරසිංහ, මහාචාර්ය ඞී.බී. නන්දදේව, ආචාර්ය අර්ජුන් නන්දතිලකගේ හා ප‍්‍රධාන සංරක්ෂක ඩයස් වගආරච්චි අද කැඩපත් පවුර පිරික්සූහ. මේ කාරිය සඳහා පත්කර සිටින අජිත් ජයසුන්දර කළමනාකරු ද, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආචාර්ය ගාමිණී ඈකන්ද එහිවූහ. ලූණු ගතිය ඉවත් කිරීම සඳහා ගත යුතු ක‍්‍රියාමාර්ග ඔවුහු සොයා බලති. අත්හදා බැලීම් ද සමග තුන් ආකාරයකින් පරීක්ෂණ පැවැත්වෙන බව විද්‍යාඥයෝ කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත