(සුජිත් හේවාජුලිගේ )
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නම යෝජනා කරමින් එම පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට ලිපිලේඛන අද පස්වරුවේ භාර දුන්නේය.
මේ අනුව මැතිවරණ කොමිසම විසින් ජයන්ත කැටගොඩ මහතාගේ නම අද රාත්‍රියේ ගැසට් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
ජයන්ත කැටගොඩ මහතා පාර්ලිමේන්තුවේදී ලබන 21 වෙනිදා එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමට නියමිතය.

